මෙරට විදෙස් නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

2026 ජූලි මාසය අවසන් වන විට මෙම නිල සංචිත අගය ඇමරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙස සටහන් වී තිබුණි.

මෙලෙස වර්ධනය වූ විදේශ සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම  යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.