එල්නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික්ක 8ක් පීඩාවට

එල්නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 8හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 47,368ක පුද්ගලයින් 154,167ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවය‍.

මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව පවුල් 40,945ක පුද්ගලයින් 132,748  දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක පවුල් 13,139ක පුද්ගලයින් 42,429  දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක පවුල් 11,142ක් ඇතුළත් පුද්ගලයින් 33,394 කට පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක පීඩාවට පත් පවුල් 3,794ක පුද්ගලයින් 12,047ක් සඳහාද වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇත.