අද සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කරන බව එම සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 4,365කි.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් වනු ඇත.
කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815ක් දක්වා පහළ යන බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් නිවේදනය කළේය.

