ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි වනු ඇත.

අවසන්වරට ලාෆ්ස් ගෑස් මිල පසුගිය ජූලි මාසයේදී සංශෝධනය කෙරුනා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දැමූ ඇති අතර එහි මිල රුපියල් 4,965කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් අඩු කිරීමට පියවර ගත් අතර එහි වත්මන් මිල රුපියල් 1,988ක් වනු ඇත.