නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගංවතුරෙන් තවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර අතුරුදන් වු වැඩි දෙනෙකු විදෙස් සංචාරකයින් බව වාර්තා වේ.
ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර මලයාසියානු, අමෙරිකානු, ඔස්ට්‍රේලියානු, අප්‍රිකානු රටවල සංචාරකයින් ද ඒ අතර වන බව සඳහන්ය.
නේපාල සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක් ඇති වීමත් සමඟ හිම කඳු නායගොස් හිම දිය වී බොටේ කොෂි නැමති ගංගාව එකවර පිටාර ගැලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගංගාව පිටාර ගැලීමත් සමග ප්රචණ්ඩ සැඩ ජලපහර කත්මණ්ඩු අගනුවරට උතුරෙන් පිහිටි රසූවා ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි ගම්මාන රැසක් ජලයෙන් සම්පුර්ණයෙන්ම යටවී තිබුණි.
සැඩ පහරට හසුව බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සෙවීම සඳහා විශේෂ සහන කණ්ඩායම් යොදවා ඇති බව නේපාල රජය ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව ඇතුළු රටවල් රැසක් ද කඩිනම් සහන කණ්ඩායම් නේපාලය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

