තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගත් 15 හැවිරිදි දැරියක දරුවකු ප්රසූත කර ඇති අතර සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක්. දරුවා ලැබීමට දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව රෝහල් ප්රධානීන් විසින් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් සඳහන්. පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී දීර්ඝ කාලයක සිට දැරිය තම සොහොයුරාගේ අතවරයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.
පෞද්ගලික ආයතනයක සේවකයකු වන සැකකාර තරුණයා ඊයේ (04 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

