කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 20.43%ක්වනවා .
වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරන්නේ.
එසේම මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇත.
එසේම ජූලි මාසයේ පළමු දින තුන තුළ පමණක් රෝගීන් 3,422ක් වාර්තා වී ඇත.

