ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4,465ක් වනවා.
කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792කි.
එසේම කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 835ක් දක්වා පහත දමා ඇත.

