ලාෆ්ස් ගෑස් මිලත් අඩු වෙයි

ලාෆ්ස් ගෑස් මිලත් පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988කි.