බස් ගාස්තු 12%කින් ඉහළට

බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි.

මෙම ගාස්තු ඉහළ නැංවීම මෙම මස 6වනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

එසේම සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.