WhatsApp වලට username එයි

WhatsApp සඳහා දුරකථන අංකය වෙනුවට username හඳුන්වා දීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව WhatsApp සඳහන් කරන්නේ මේ සතියේ සිට මේ වසර අවසානය දක්වා තමන්ට කැමති username එකක් වෙන් කර ගැනීමට පරිශීලකයන්ට අවස්තාව හිමි වන බවයි.

මෙය අනිවාර්යය නොවන අතර කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය Username වෙන් කරවා ගත හැකියි.

පරිශීලක නාමයක් සඳහා භාවිත කළ හැක්කේ උපරිම අකුරු/සංකේත 35ක් පමණි.

එසේම මෙහි දී ප්‍රසිද්ධ දේශපාලනඥයන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් වෙනත් අයට ව්‍යාජ ලෙස භාවිත කිරීමට නොහැකි වන සේ සීමා පනවා ඇත.