එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය කලයුතු බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසනවා.
අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ.
“මහජනයාට ප්‍රදර්ශනයක් සිදුකරන දෙයක් කරනවා නම්, ස්ථානාධිපති සම්බන්ධීකරණයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ සපයන්න කියලා තියෙනවා. කොහොමද වාහන පාර්ක් කරන්නේ යන ආදි වශයෙන්. අපි කියන්නේ නෑ දන්සල් දෙන්න එපා කියලා. ඒක විදිමත් කරන්න. මේ පොසොන් එකට අනිවාර්යයෙන්ම ස්ථානාධිපතිවරු මැදිහත්වෙලා, විදිමත්ව දන්සල් සංවිධානය කරන්න.”

