වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු

මෙම වසර සඳහා වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 03 වැනිදා සිට ක්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

සාමාන්‍යයෙන් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වුවද, ජූලි මාසය ආරම්භයේදී සිදුවීමට නියමිත මාසික ඉන්ධන මිල සංශෝධනය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය දින දෙකකින් ප්‍රමාද කිරීමට අවධානය යොමු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.