2026 අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමරෙිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමරෙිකානු ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේ දී මෙය 38.8%ක අඩුවීමක් වනවා.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 අප්‍රේල් මාසයේ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,643ක් ලෙස දැක්වෙනවා.
එසේම 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් වනවා.
එම කාලසීමාව තුළ උපයා ඇති සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,111කි.

