වැස්සේ රස්නෙන් බොන්න ගෙදරදී ම Cafe latte එකක් හදමු

මේ දවස් වල මුළු ලංකාවට වහිනවා නේ… වැස්සේ රස්නෙන් බොන්න coffee එකක් තිබුනා නම් මරු නේද…

එහෙනම් අද අපි බලමු කොහොමද ගෙදරදී ම රසම රස Cafe latte එකක් හදා ගන්නේ කියලා

මේකට ඕනේ වෙන්නේ කෝපි කුඩු, සීනි, කිරි, සහ වතුර විතරයි.

සාදන ක්‍රමය

මුලින්ම භාජනයක් ලිප තබා එයට වතුර කෝප්ප ¼ ක්, කෝපි කුඩු කෝප්ප ¼ ක් සහ සීනි කෝප්ප ¼ ක් එකතු කර හොඳින් කලවම් කරගෙන නටන තුරු රත්කර ගන්න. 

දැන් මේ නටවා ගත් කෝපි මිශ්‍රණය ඔබ කෝපි පිළිඟන්වන වීදුරුවට හෝ කෝප්පයට වත්කර ගන්න. 

එයට උණුසුම් කිරි කෝප්ප ¾ ක් එකතු කරගන්න. 

තවත් කිරි ටිකක් කෝප්පයකට දමා හැන්දක් හෝ විස්ක් එකක් ආධාරයෙන් ක්‍රීම් වනතුරු ගසාගෙන කෝපි උඩින් හැන්ඳකින් සෙමින් අතුරා ගන්න. මේකට ඔයාට frother එකක් යොදා ගන්නත් පුළුවන්.

දැන් පිළිඟන්වන්න පුළුවන්. 

ඔන්න එහෙනම් මේ වැස්ස ඉවර වෙන්න කලිම් හදලා බලන්න අමතක නොකරම….