මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී අද (15) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ මෙම වසරේ කුමන කාලසීමාවක ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි හෙතෙම සඳහන් කළේ.
“පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ.”

