රුපියල වාර්තාගත ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතවලට අනුව, අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 329.92 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය 2023 දෙසැම්බර් 27 වන දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගය වීම විශේෂත්වයක්.

එසේම ඊයේ වාර්තා වූ රු. 327.3868 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 329.9201 දක්වා ඉහළ ගොස් ඇත.