Meta AI වලට Incognito Mode එයි

WhatsApp හි Meta AI සහ Meta AI යෙදුම සමඟ “Incognito Chat” විශේෂාංගය ඉදිරියේ දී හඳුන්වා දෙන බව Meta Newsroom නිවේදනය කර තිබෙනවා.

නව විශේෂාංගය WhatsApp හි Private Processing තාක්ෂනය මත ගොඩනගා ඇති අතර මෙටා ඇතුළුව ඕනෑම කෙනෙකුට ඒ යටතේ කරන සංවාද නොපෙනෙන බව සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇත.

Incognito Chat හරහා Meta වලට ද ප්‍රවේශ විය නොහැකි ආරක්ෂිත පරිසරයක් සකස් කරන බවයි Meta සමාගම සඳහන් කරන්නේ.

එසේම ඉදිරි මාසවලදී WhatsApp හි “Sidechat” හඳුන්වා දීමට ද සැලසුම් කරන බවයි Meta සඳහන් කරන්නේ.

මෙම විශේෂාංගය මඟින් ප්‍රධාන කතාබහට බාධා නොකර පවතින WhatsApp සංවාදවලට අදාළ පුද්ගලික AI සහාය පරිශීලකයින්ට ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇත.