මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 46,606ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 18,533ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 40%ක් වේ.
එසේම චීනයෙන් 3,472ක්, එක්සත් රාජධානියෙන් 2,517ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 2,441ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ අනුව 2026 ජනවාරි 01 සිට මැයි 10 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 922,883ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

