රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (07) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.40 සිට රුපියල් 317.26 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 324.03 සිට රුපියල් 324.87 දක්වා ඉහළ ගොස් තිබේ.