ඩෙංගු අධි අවදානම් කලාපවල අද (06) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 43 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.
එසේම දිස්ත්‍රික්ක 6ක ඩෙංගු රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවද ඇය පෙන්වා දෙයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 26,071 ක් හඳුනා ගෙන ඇති අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 13 ක් ද වාර්තා වි ඇත.

