ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.
පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස යොදා ගනිමින් ඉරානය අමෙරිකා එක්සත් ජනපදය සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනා කර ඇති බවට ලැබුණු වාර්තාත් සමගයි මෙලෙස බොරතෙල් මිල අඩු වී ඇත්තේ.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.2 ලෙසද, WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙස ද සටහන් වෙනවා.

