ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්

අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ කොළඹ, ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැක.