ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තිබෙනවා.
1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලබනවා.
ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ.
ලංකාවේ ප්රථම වරට මැයි දිනයක් සමරනු ලැබුවේ 1933 වසරේදී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙනි. ඉන්පසුව 1956 වසරේදී මැයි 01 දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී.
මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.

