ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

අද දිනයේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැක.