වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 08කට වැඩි පිරිසක් දිවයිනට

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 22 දක්වා කාලය තුළ සංචාරකයින් 840,411ක් දිවයිනට පැමිණ ඇත.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 176,465ක් වනවා.

එසේම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්.