රුසියාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් යුක්රේනය පුරා පුද්ගලයන් හත්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ මුළු රාත්‍රිය පුරාම මෙම ප්‍රහාර මාලාව එල්ල වුනු බවයි.
යුක්රේනයේ දේශසීමාවේ සිට සැතපුම් 1,000 ක් (කිලෝමීටර් 1,600) පමණ දුරින් පිහිටි යෙකටරින්බර්ග් හි, ගොඩනැගිල්ලකට පහර දීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එසේම උතුරු චර්නිහිව් නගරය ඉලක්ක කර ගත් ප්‍රහාර වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ සැලකිය යුතු ප්‍රමාණයක බැලස්ටික් ප්‍රහාර යොදා ගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි සෙලෙන්ස්කි සිය සමාජ මාධ්‍ය වල දක්වා ඇත්තේ.

