රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (24) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 313.62 සිට රුපියල් 314.03 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 321.09 සිට රුපියල් 321.87 දක්වා ඉහළ ගොස් තිබේ.