ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය හේතුවෙන් මැයි 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මීට පෙර මැයි 01 වැනිදා සහ 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය එම දෙදින තුළ නොපැවැත්වෙන බැවින්, මැයි මස 01 වැනිදාට යෙදෙන පොහොය දිනයේ පමණක් මත්පැන්හල් වසා තැබෙනු ඇත.
ඒ අනුව, මැයි මාසයේ මැයි 01, 30 සහ 31 යන දින තුනෙහි පමණක් මත්පැන්හල් වසා තැබෙනු ඇති.

