ඉන්දීය උප ජනාධිපති අද දිවයිනට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ඊට අමතවරව අවස්ථා කිහිපයකටම සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින් සමග සම්බන්ධ වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුව සම්බන්ධව පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.