ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) අප්‍රේල් 8 වන දින සිට 13 වන දින දක්වා දින හය තුළ රුපියල් බිලියනයක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
මෑත කාලීන ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බාධාව මෙම ආදායමේ වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇති බව සඳහන්.
එහි ප්‍රතිඵලයක් ලෙස, නිවාඩු සඳහා නිවෙස් බලා යන මගීන් විශාල සංඛ්‍යාවක් දුම්රියෙන් බස් සේවා වෙත මාරු විය.
අප්‍රේල් 11 වන දින පමණක්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 213 ක උපරිම දෛනික ආදායමක් වාර්තා කළේය.
මෙම දිනයේ මගීන් මිලියන දෙකක් පමණ ප්‍රවාහනය කර තිබෙනවා.
ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා සම්මත දෛනික කාලසටහනට අමතරව අමතර බස් රථ 1,500 ක් එකතු කළ බවයි ලංගම සඳහන් කරන්නේ.

