ID ඔෆිස් එකේ සියලු වැඩ අද නවතී

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරන බව අමාත්‍යාංශය සඳහන් කළේය.