උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, වයඹ, බසිනාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත් වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැක.