ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ බස්නාහිර පළාත, සබරගමුව පළාත, මධ්‍යම පළාත සහ ඌව පළාත තුළත්, ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයක සවස 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.
මෙම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

