එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ගත වූ දින කිහිපය තුළ දෛනිකව ධාවනය වන බස්රථ කාලසටහනට අමතරව 1500ක අතිරේක බස්රථ ප්‍රමාණයක් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය කිරීම සදහා සූදානම් කර තිබුණු බවයි සභාපති සංජීව කනගරත්න මහතා පැවසුවේ.
එසේම හෙට දිනයේ නෑගම් බලා යන ජනතාවට ප්‍රාදේශීය ඩිපෝවලින් අවශ්‍යතාවය පරිදි බස්රථ ධාවනය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

