අද සහ හෙට දුම්රිය ධාවනය සීමා වෙයි

අද දිනයේ සහ හෙට දිනයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

කොළඹ සිට පිට පළාත්වලට යාම සදහා ඊයේ පස්වරුවේ සිට අඩු මගීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය වූ බැවින් මෙම පියවර ගත් බවයි දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසුවේ. 

කෙසේ වෙතත් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය. 

මේ අතර පොල්ගහවෙල, කොස්ගම, අවිස්සාවේල්ල, පුත්තලම සහ ගාල්ල සිට කොළඹ දක්වා අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන ජනතාව වෙත දුම්රිය යොදවා ඇති අතර කොළඹ සිට යළි එම ප්‍රදේශ දක්වා ද මෙම දුම්රියන් ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව හෙතෙම සඳහන් කළා.