දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි.
මේ යටතේ පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්රදේශ කිහිපයකට මෙලෙස පැය 18ක කාලයක් ජල කප්පාදුව සිදුවනු ඇත.
ඒ අනුව පළමු වටය යටතේ, පාදුක්ක ප්රදේශයට පෙරේදා රාත්රී 8 සිට ඊයේ පස්වරු 2 දක්වා ජල කප්පාදුවක් ක්රියාත්මක වුණි.
මේ අතර, හෝමාගම ප්රදේශයට ද ඊයේ (03) රාත්රි 8 සිට අද (04) පස්වරු 2 දක්වා පැය 18ක කාලයකට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.
පැලැන්වත්ත ප්රදේශයට අද (04) රාත්රි 8 සිට පසුදින එනම්අ ප්රේල් 5 වැනිදා පස්වරු 2 දක්වා ජල කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මෙම ජල කප්පාදුව පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත ප්රදේශවලට දින තුනකට වරක් සිදුකරන බවය.
මේ අතර බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල ප්රදේශවලට දිනක් හැර දිනක් රාත්රී 10 සිට අලුයම 1 දක්වා පැය 3ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

