Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ ඡායාරූප NASA විසින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
මේ වන විට යානයේ ෂටලය සාර්ථකව පෘථිවි කක්ෂයෙන් මිදී මේ වන විට සඳ දෙසට (Translunar Injection) ගමන් කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
නාසා ආයතනය නිවේදනය කළේ ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින අතර යානය ද හොඳින් ක්රියා කරන බවය.
යානයේ ගමන් කරන ගගනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ විය.
ඒ අනුව තවත් දින 4කට නොඅඩු කාලයකින් යානය චන්ද්රයා ආසන්නයට ගමන් කරනු ඇති බවයි NASA සඳහන් කරන්නේ.




