චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී එහි තිබී කොරෝනා වෛරසය හමුවී ඇති අතර, ඒ හරහා මිනිසුන්ටද වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
ඊසානදිග චීනයේ පිහිටි ටියැංජින් නගරයේ නිපදවන ලද අයිස්ක්‍රීම් සාම්පල තුනක් ඇසුරෙන් කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයේදී ඒ මත වෛරසය රැඳී තිබෙන බවට තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම කර්මාන්තශාලාවේ සකස් කරන ලද අයිස්ක්‍රීම් පෙට්ටි 4,836 ක් වෛරසයට නිරාවරණය වී ඇති අතර, ඉන් ඇසුරුම් 2,086ක් මේ වනවිට ගබඩාවල පවතිනවා. අයිස්ක්‍රීම් ඇසුරුම් 1,812ක් වෙනත් පළාත්වලට යවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

