බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයක වනවා.
චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇතිවන්නට ගිය ගැටුම නිරාකරණය කිරීමේ අරමුණ ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
එහි දී උන්වහන්සේ උනවහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩම කර ගැටුම සංසිදවනු ලැබුවා.
එසේම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක වනවා.
සුද්ධෝදන පිය මහ රජතුමා ප්‍රධාන ශාක්‍ය වංශිකයන්ට හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක් මහ පුර පසළොස්වක් පොහොය දිනයක බවයි සඳහන් වෙන්නේ.

