අදත් ප්‍රදේශ රැසක උණුසුම ඉහළ මට්ටමක

අද දිනයේ ද ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක ඉහළ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැක.