ශ්රී දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බව ශ්රී දළදා මාළිගාව අවධාරණය කරනවා.
දෛනික තේවාවන් ඇතුලු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අනුශාසනා මත දියවඩන නිළමේවරයාගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් දළදා මාළිගාව සඳහන් කළේ.


