සංශෝධිත බස් ගාස්තු ප්‍රදර්ශනය අනිවාර්යය වෙයි

සංශෝධිත බස්ගාස්තු මගී ජනතාවට බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

මගී සේවා අවසර පත්‍ර කොන්දේසි 16 (A) අනුව මෙය අනිවාර්ය වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පැවසුවේ.

අදාළ ප්‍රදර්ශනය කිරීම් බස් රථය තුළ සිදුවිය යුතු බවත් එසේ නොකරන බස් රථවල බලපත්‍රය තාවකාලිකව හෝ නැතහොත් ස්ථීර වශයෙන් අවලංගු කිරීමට මෙන්ම දඩ මුදලකට යටත් කිරීමටද කටයුතු කරන බවද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසීය.

මේ අතර අදාළ ගාස්තු ප්‍රදර්ශනය කර ඇද්ද යන්න සොයා වැටලීම් ආරම්භ කරන බවත් සඳහන් කර ඇති එම අධිකාරිය පැවසුවේ මේ සම්බන්ධව මගී ජනතාවට පැමිණිලි ඇත්නම් මගී ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම්දීමටද හැකියාව ඇති බවය.

ඒ අනුව 0112860860 දුරකථන අංකය හෝ 0702860860 යන වට්සප් අංකය වෙත අදාළ පැමිණිලි යොමුකළ හැකි බවද බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේය.

පසුගිය 23 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 12.19%කින් ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.