යේමනයේ ඉරානයේ සහාය ලබන හවුති කැරලිකරුවන් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
යේමන හමුදාවේ හවුති කන්ඩායම වන යේමන සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රකාශක යාහ්යා සාරි පවසන්නේ, ඊශ්‍රායලයට අයත් “වැදගත් හමුදා ස්ථාන කිහිපයක්” ඉලක්ක කර ගනිමින් “කෲස් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර” එල්ල කළ බවයි.
එසේම ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කරන තෙක් ඉදිරියට ද ඊශ්‍රායලය වෙතට ප්‍රහාර එල්ල කරන බවයි හවුති කැරලිකරුවන් සඳහන් කරන්නේ.
මේ අතර රතු මුහුදේ දකුණු කෙළවරේ පිහිටි බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන නැව් ඉලක්ක කර ගැනීමට හූතිවරු උත්සාහ කළහොත්, එය ගෝලීය ආර්ථිකයට තවත් විශාල පහරක් වනු ඇතැයි අපගේ මැදපෙරදිග විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

