පවතින වියළි කාලගුණය හමුවේ ජලය අපතේ නොයවා පරිහරණය කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වියළි කාලගුණය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වුවහොත් ජලය සැපයීමට යම් අපහසුතා ඇතිවිය හැකි බවයි එහි සභාපති චන්දන බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ.

