ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සබරගමුව පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවලට අද සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් වෙන ලෙස දැනුම් දෙයි.