සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළ යයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 572කි. 

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් වනවා.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන ගණන් ඉහළ දමා තිබේ.