ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට කුණාටු අවදානමක්

ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල්වලට ඉදිරි දින කිහිපයේදී අධික වර්ෂාපතයත් සමඟ කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ බලධාරීන් අනාවැකි පල කර තිබෙනවා.

එම රටවල ඇතැම් ප්‍රදේශවල අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් නිර්මාණය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය හරහා කිලෝමීටර් 1000ක වැසි කලාපයක් නිර්මාණය වෙමින් පවතින අතර ඉන්දියාව අවට වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් ඉන්දියායේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සහ පැයට කිලෝමීටර් 40ත් 80ත් අතර තද සුළං ද ඇති විය හැක.

එසේම අධික වර්ෂාපතනයත් සමඟ හිමපතනයන් ද වාර්තා විය හැකි බව ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.