ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල 2.8%කින් ඉහළට

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව ආසියාවේ බොරතෙල් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇත.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටුණි.