රජයේ සියලු පාසල් බදාදා නිවාඩු

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊයේ දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව මහතා පවසන්නේ.